Sunday, 24 May 2020

Covid-19


සති තුනක කාලයක සිට බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුණු බැවින් ඉදිරි දින කිහිපය තුළ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ද බාහිර සමාජයට විවෘත කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.

සමාජයෙන් රෝගීන් වාර්තා නොවූවත් කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට සමස්ත සමාජයම වග බලා ගත යුතු බවත් සමාජ දුරස්ථභාවය සහ පෞද්ගලික ස්වස්ථතාව පවත්වා ගැනීම අනිවාර්ය බවත් ඔහු අවධාරණය කළා.

නාවික හමුදා සාමාජිකයන්ගෙන් සහ පිටරට සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ගෙන් හැරුණු විට වෙනත් තැනකින් රෝගීන් වාර්තා නොවන බව ද ඔහු පෙන්වා දුන්නා.

වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් අතර ද මේ වන විට රෝගය ව්‍යාප්ත වීම ඉතා සාර්ථකව පාලනය වී ඇතැයි ද කී ඔහු, වෛරසය ආසාදිත වූ පුද්ගලයන්ගෙන් සියයට 50 කට අධික සංඛ්‍යාවක් පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද ප්‍රකාශ කළා.

CLICK TO BANAR